
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් වල්ඌරු මස්, කිලෝ 50න් 45ක් සාවද්‍ය පරිහරණය කොට කිලෝ 05ක් පමණක් අධිකරණයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටි උපපොලිස් පරීක්ෂකවරයකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස පෙරේදා (22) නියෝග කර ඇත.
එසේ ඇප මත මුදා හරිනු ලැබුවේ දැනට තිහගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන සරත් අබේසේකර නමැති නිලධාරියෙකි.
ඔහු මීට පෙර අකුරැස්ස පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී සැකකරුවකු සමග අත්අඩංගුවට ගනු ලැබූ වල් ඌරු මස් කිලෝ 50කින් 45ක් සගවාගෙන කිලෝ 05ක් පමණක් අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති බවට අකුරැස්ස සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා සිදු කළ විමර්ශනයක දී අනාවරණය වී තිබිණි.
ඉකුත් ජනවාරි මාසයේ දී එම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණ අතර එහිදී සිදුවූ වල් ඌරු මස් වාචාව පිළිබඳව කිසිවකු විසින් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත එවනු ලැබූ පෙත්සමකට අනුව අකුරැස්ස සහකාර පොලිස් අධිකාරිවරයා යටතේ පරීක්ෂණය පැවැත්විණි.
ඒ අනුව උපපොලිස් පරික්ෂකවරයා අකුරැස්ස සොලීසියේ සිට තිහගොඩ පොලීසිය දක්වා ස්ථාන මාරු කර තිබූ අතර ඔහුට චෝදනා පත්‍රයක් ද නිකුත් කර ඇත.
පසුව විර්ශන වාර්තාව අනුව අකුරැස්ස පොලීසියේ වැඩබලන ස්ථානාධිපති සුදත් සුදුසිංහ ඇතුළු කණ්ඩායමක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.
ඒ අනුව සැකකාර උපපොලිස් පරික්ෂකවරයාට පෙරේදා (22) මාතර උසාවිය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි යවා තිබු අතර ඒ අනුව ඔහු අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
එහිදී ශරීර ඇපයක් මත ඔහු මුදා හළ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවේ වැඩි දුර විභාගය ජනවාරි 24 වැනිදෑ දක්වා කල් තැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart