
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක අභිරහස් අන්දමින් මියගොස් සිටි අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින ඇගේ පෙම්වතා බව කියන පුද්ගලයා සිය බිරිඳ සහ දරු තිදෙනා ද සමඟ මහනුවර ප්‍රදේශයේ පිහිටි නිවස අතහැර පළාගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
මෙම සැකකරු සැඟව සිටින බවට ලැබුණු තොරතුරු මත ස්ථාන 10කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් පරීක්ෂා කළ ද ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැත.
මෙම සැකකරුගේ මව් සහ සොහොයුරා පදිංචි නාරම්මල ප්‍රදේශයේ නිවසට ගිය පොලිසිය ඔවුන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇත.
එහිදී මෙම සැකකරුගේ වැඩිමහල් සොහොයුරා පොලිසිය හමුවේ පවසා ඇත්තේ මොහු කුඩා කල සිටම විවිධ වංචා කරමින් බොහෝදෙනෙකු රවටා මුදල් සහ නොයෙකුත් දේ ලබාගත් වංචාකාරයකු බවයි.
“ඔය මල්ලි කියන මිනිහගෙ මූණවත් බලන්න මං කැමති නැහැ. ඌ ඒ වගේ මහ බලු වැඩ කරන එපා කරපු මිනිහෙක්. රටපුරාම ඉන්න කෙල්ලො සෑහෙන ගාණක් මේ මිනිහා රවට්ටලා සල්ලි අරන් තියෙනවා” යැයි මෙම සැකකරුගේ වැඩිමහල් සොහොයුරා පොලිසියට ප්‍රකාශ කර ඇත.
සැකකරු සිය වේශයන් වෙනස් කරගෙන සැඟව සිටින බවත් ඔහු පිළිබඳව කිසියම් තොරතුරක් ලැබුණොත් වහාම පොලිසිය වෙත දැනුම්දෙන ලෙසත් විමර්ශන නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
පොලිසිය සැක පහළ කරන්නේ අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියගේ මරණය සිදුවී ඇත්තේ ගෙල සිරවීමකින් බවයි. එම මරණය ගෙලවැලලා ගැනීමකින් සිදුවූයේ ද එසේ නැති නම් සැකකරු විසින් ගෙළ සිරකර මරා දැමුවේ ද යන්න මෙතෙක් හෙළිවී නැත.
මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් එය නිවැරදිව තහවුරු කරගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු මෙම භෞතචිකිත්සකවරිය සමඟ ප්‍රේම සබඳතාවයක් ගොඩනඟාගෙන ඇය විවාහ කරගෙන කැඳවාගෙන යන බව කියමින් ඇයගෙන් රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් ලබාගෙන ඇත.
එහෙත් සැකකරු මෙම භෞතචිකිත්සකවරිය රවටා මුදල් ලබාගෙන ඇය මඟහැර ගොස් තිබූ බව විමර්ශනවලින් හෙළිවිය.
දැඩි ලෙස සිත් තැවුලට පත්ව සිටි භෞතචිකිත්සකවරිය නුවරඑළියේ පිහිටි මහල් නිවාසයක සිටියදී මෙසේ මියගොස් තිබිණි.
සැකකරු ඇගේ සිරුර තෙල්දෙණිය රෝහල අසලට ගෙනැවිත් එය මෝටර් රථය තුළ දමා පලාගොස් තිබූ අතර පසුව පොලිසිය විසින් එම සිරුර සොයාගන්නා ලදී.
නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart