
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිසියේ අණ නොතකා වෑන් රථයක් ධනවනය කළ පුද්ගලයකු හඹාගොස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.
ලුහුබැඳීම අතරතුර වෑන් රථයට පොලිස් නිලධාරීන් වෙඩි තබන ආකාරයද ඊට අදාළ වීඩියෝවේ දැකගත හැකිය.
පොලිසියට අනුව, මෙම සිදුවීම සිදුව ඇත්තේ, ඊයේ සවස 5.25 ට පමණ පිළියන්දල සිට කටුබැද්ද හරහා ගමන් කළ වෑන් රථයක් ගොලුමඩම හන්දියේදී රථවාහන පොලිස් උපදෙස් පිළිපැදීමට අපොහොසත් වීමෙන් අනතුරුවය.
රථවාහන අංශයේ නිලධාරීන් වාහනය ලුහුබැඳ ගොස් එය නැවැත්වීමට උත්සාහ කරමින් බෙලෙක්කඩේ හන්දිය අසලදී එහි ඉදිරිපස සහ පසුපස ටයර්වලට වෙඩි තබා ඇත.
වෙඩි තැබීම් නොතකා, රියදුරු රත්මලාන දුම්රිය ස්ථානය ප්රදේශයට ළඟාවන තෙක් පළාගොස් ඇති අතර, එහිදී ඔහු වාහනය අතහැර දිවයෑමට උත්සාහ කර තිබේ.
එහිදී පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
ගල්කිරියාගම සිට පැමිණි සංචාරක ප්රවාහන ක්රියාකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති රියදුරු සිද්ධිය වන අවස්ථාවේ මත්පැන් පානය කර සිටි බව පොලිසිය පසුව තහවුරු කළේය.
මූලික පරීක්ෂණවලින් හෙළි වූයේ වෑන් රථය මාර්ගයේ වාහන කිහිපයක ගැටී ඇති බවයි.
සැකකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා දැන් පොලිස් භාරයේ සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart