June 26, 2025

අනුරාධපුර, තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේදී ඊයේ (25) දින නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

වින්දිතයා මිහින්තලේ පදිංචි 28 හැවිරිදි අයකු බව පොලිසිය සඳහන් කරයි.

වෙඩිතැබූ පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් අනාවරණය වී නොමැති අතර, තිරප්පනේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.