
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩිතැබූ බවට චෝදනා එල්ල වී ඇති සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
උද්දික ප්‍රේමරත්නගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ද සටහන් කර ගැනීමට නියමිතය.
මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ මෙම විමර්ශනය නව ප්‍රවේශයකින් ආරම්භ කර ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මීට පෙර කියාසිටියේ මෙම සිද්ධිය අදාළ දෙදෙනා විසින් සැලසුම් කර ඇති බවයි.
සහකාර පොලිස් අධිකාරීවරයා සිය ගිනි අවිය ගුවන් තොටුපළේදී වෙනත් අයෙකුට ලබාදී විදේශගත වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය වසරේ සැප්තැම්බර් 17 වැනිදාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart