
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශනවලට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) නියෝග කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය, ඔහු විසින්ම සැලසුම්සහගතව කර ගන්නා ලද්දක් බව මූලිකව තහවුරු වී ඇතැයි පොලිසිය 2024 ජූනි 13 වැනිදා පොලිසිය අනාවරණය කළේය.
ජනමාධ්‍ය හමුවක් පවත්වමින් එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, මෙය සහකාර පොලිස් අධිකාරීවරයකු සමග එක්ව සැලසුම් කර තිබූ බව හෙළි වී ඇති බවය.
අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා මැලේසියාවට පළාගොස් ගොස් ඇතැයි වාර්තා වී ඇති බවද පොලිසිය සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී, රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධිය වාර්තා වුයේ, 2023 සැප්තැම්බර් මස 17 වැනිදා ය.
අනුරාධපුර, ගුවන් තොටුපොළ පාරේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී එදින රාත්‍රී 10.30ට පමණ ඔහුගේ මෝටර් රථයට වෙඩි තබා තිබිණි.
මෙහිදී, රථයට සුළු හානි සිදුවූ අතර උද්දික ප්‍රේමරත්නට කිසිදු හානියක් සිදු නොවී ය.
වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව කියන සිද්ධියෙන් දින දෙකකට පසු එනම්, 2023 වසරේ සැප්තැම්බර් 19 වන දා උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී උද්වේගකර ප්‍රකාශයක් කළේ ය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, තමාට වෙඩි තබන ලද්දේ රටේ පවතින ජරාජීර්ණ ක්‍රමය විසින් බවය.
මෙරට තුළ පවතින සමාජ ක්‍රමය හා දේශපාලන ක්‍රමය යන ක්‍රම දෙකම වැරදි බව ද එම නිසා රට තුළ ප්‍රශ්න එන්න එන්න ම වැඩි වෙමින් පවතින බව ද ප්‍රේමරත්න මන්ත්‍රිවරයා එහිදී පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart