
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සේවිකාවක ලෙස සිටිමින් ආයතනයක රුපියල් මිලියන 69 ක් වංචා කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 11, මුහුදු මාවත ප්‍රදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි.
සැකකාර කාන්තාව විසින් ආයතනයට ලැබිය යුතු මුදල් වෙනත් ගිණුම්වලට බැරකර මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart