
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැප්තැම්බර් 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුවේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කරන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම අද නිවාඩු ලබා සිටින බැවින් නඩුව ලබන සඳුදා දිනට කල්තබා ඇත.
ඒ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට නියමිත අතර, ඔහුගේ ඇප අයැදුම සම්බන්ධයෙන් තීන්දුවක් සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත්කිරීමටද නියමිතව තිබේ.
ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, අරගලයේදී විරෝධතාකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ ඔහුගේ දේශපාලන කාර්යාලය විනාශ කිරීම වෙනුවෙන් රුපියල් 8,850,000ක වන්දියක් ලබාගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart