
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන සන්තෝෂ් ජා පත් කර තිබේ.
අවසන් වරට බෙල්ජියමේ ඉන්දීය තානාපතිවරයා ලෙස සේවය කරමින් සිටි ඔහු මීට පෙර උස්බෙකිස්තානයේ සහ යුරෝපා සංගමයේ ද ඉන්දීය තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත.
ජ්‍යෙෂ්ඨ ඉන්දීය රාජ්යත්රාන්තිකයෙකු ලෙස අමරිකාව ,රැසියාව වැනි රටවල ද සේවය කර ඇති ඔහු ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර වෙළද සහ ආයෝජන ගිවිසුම සකස් කිරීමේදී මෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතා ගිවිසුම සැකසීමේ දී කැපී පෙනෙන මෙහෙයක් ඉටු කළ නිළධාරියෙකි.
හෙතෙම 2009 වර්ෂයේ යුද්ධය අවසන්වීමෙන් පසුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාව ඇති කර ගැනීම සදහා මූලික කටයුතුවල නිරත වූයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙසය.
ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රතිපත්ති සම්පාදන කටයුතුවල කැපී පෙනෙන වැඩ කොටසක් ඉටුකර ඇති සන්තෝෂ් ජා ඉතිහාසය පිළිබද දිල්ලි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි.
මේ අතර මෙතෙක් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ගෝපාල් බග්ලේ ඕස්ට්‍රේලියාවේ නව ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart