April 23, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටු සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස රජය දැනුම්දී ඇති බවට වන කිසිදු තොරතුරක් පිළිබඳව තම පාර්ශ්වය නොදන්නා බව එම ආයතනය පවසයි.

“අපි මාධ්‍යවල ද සමහර වාර්තා දැක්කා. නමුත් අපට ඒ ගැන කිසිවක් දැනුම් දී නැහැ. අපි එවැනි කිසිවක් දන්නේ නැහැ,” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා අද පැවැත්වූ ජනමාධ්‍ය හමුවකදී පැවසීය.

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක මණ්ඩලයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටි බවට පැතිර යන වාර්තා සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ඔහු ප්‍රකාශය පසිදුකළේය.