
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශ ක්‍රිකට් තරුවක් මෙන්ම ඉකුත් දා පැවැති දේශපාලන අර්බුධ හා මහජන විරෝධතා හමුවේ නෙරපා හරින ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වන ෂකීබ් අල් හසන්ට එරෙහිව ඩකාහිදී මිනීමැරුම් නඩුවක් පවරා ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ඒ හේතුවෙන් ඔහු දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ද පැවැසේ.
පාකිස්තානය සමඟ පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට සහභාගීවීමට 37 හැවිරිදි ෂකීබ් අල් හසන්ට පසුගිය සතියේදී බංග්ලාදේශයේ නව අන්තර්වාර පාලනය අවසර ලබාදුන්නේය.
ෂකීබ් අල් හසන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් නඩු පවරා ඇත්තේ ඉකුත් දිනවල බංග්ලාදේශයේ පැවැති මහජන විරෝධතා අතරතුර මියගිය රුබෙල් නමැති තරුණයකුගේ පියා වන රෆිකුල් ඉස්ලාම් විසිනි.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා සහ හිටපු මාර්ග ප්‍රවාහන හා පාලම් ඇමැති ඔබයිදුල් ක්වාඩර් ඇතුළු 156 දෙනකු නම්කර තිබේ.
ඔවුන්ට එරෙහි චෝදනාවලට අනුව, අගෝස්තු 5 වෙනිදා රුබෙල් නමැත්තා Adabor හි Ring Road හි පැවැති විරෝධතා පා ගමනකට සහභාගී වී තිබේ.
රැළිය අතරතුර, සැලසුම් සහගත අපරාධ කුමන්ත්රණයක කොටසක් ලෙස යමකු විරෝධතාකරුවන් වෙත වෙඩි තැබූ බව කියනු ලැබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස රුබෙල්ගේ පපුවට සහ උදරයට වෙඩි ප්‍රහාර එල්ල වී ඇත.
ෂකීබ් මෙම නඩුවේ 28 වැනි විත්තිකරු වේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart