
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය රුපියල් කෝටි 9.2කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 31කට) කොල්කටා නයිට් රයිඩර්ස් පිල බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් මිලදීගැනීමත් සමඟ එහි හිමිකරු බොලිවුඩ් සුපිරි තරු ෂාරුක් ඛාන් ඉන්දියාවේ ‘ද්‍රෝහියෙක්’ ලෙස දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.
හින්දු ආධ්‍යාත්මික නායකයන් හා ඇතැම් දේශපාලන නායකයන් මෙලෙස ෂාරුක් ඛාන්ට බැන තර්ජනය කිරීමට පියවර ගෙන ඇත්තේ, බංග්ලාදේශය තුළ හින්දු භක්තිකයන්ට එරෙහිව ම්ලේච්ඡ ක්‍රියා සිදුවෙද්දී බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයාට විශාල මුදලක් ගෙවා මිලදී ගැනීම හේතුවෙනි.
තවද ම්ලේච්ඡ ක්‍රියා හේතුවෙන් ඝාතනයට ලක් වූ හින්දු දරුවන්ගේ පවුල්වලට මුස්තාෆිසුර්ට ගෙවීමට සූදානම් වූ රුපියල් කෝටි 9.2ක ගාස්තුව ගෙවන ලෙස හින්දු ආධ්‍යාත්මික නායකයකු වන දේව්කිනන්දන් තාකූර් ෂාරුක් ඛාන්ගෙන් ඉල්ලා ඇත.
එමෙන්ම භාරතීය ජනතා පක්ෂ නායක සංගීත් සෝම් ද ෂාරුක් ඛාන්ව ප්‍රසිද්ධියේම විවේචනය කර ඇත.
කෙසේවුවද මිලදීගත් වමත් වේගපන්දු යවන්නා, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝගය මත ෂාරුක් ඛාන්ගේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් ඉවත්කොට ඇති අතර, ඒ වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයකු බඳවාගන්නා ලෙස පාලක මණ්ඩලය දැනුම්දී තිබේ.
මේ අතර, බංග්ලාදේශය ඉන්දියාවට එරෙහිව එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ඩකාහිදී පැවැත්වීමට නියමිතය.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊට රජයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බැවින් තරග සංචාරය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් ද මතුව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart