
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පතට අනුව රැකියා ස්ථානයේදී ලිංගික අල්ලස් ඉල්ලීම හෝ ලබාදීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස ඇතුළත් කර ඇති බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ප්රකාශ කළේය.
යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ ඊයේ(21) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී අදහස් දක්වමින් අධිකරණ ඇමැතිවරයා ප්රකාශ කළේ රැකියා ස්ථානයේදී කාන්තාවන් වැඩිපුරම ලිංගික හිංසනයන්ට ලක්වන්නේ පිරිමි සගයන්ගෙන් බව අවධානයට ලක්ව ඇති බවයි.
කෙසේ වෙතත් මේ වන විට සේවා ස්ථානවල සමලිංගිකයින් අතර වාර්තා වන ලිංගික හිංසනයන් ද නව පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට සළකා බැලිය යුතු බව ඇමැතිවරයා කියා සිටියේය.
“කාන්තාවන් පමණක් නෙවෙයි, පිරිමින්ගේ ලිංගික හිරිහැරවලට මුහුණදෙන්නේ. කාන්තාවන් කාන්තාවන්ගෙන් සහ පිරිමින්ගෙන් පිරිමින්ගෙන් ලිංගික හිරිහැරවලට මුහුණ දෙන බව නිරීක්ෂණය වෙලා තියෙනවා” යැයි ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart