
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෝහා හි අල් උදෙයිද් එක්සත් ජනපද හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසුව බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් යන රටවල් ඔවුන්ගේ ගුවන් ගමන් නවතා දමා ඇත.
මේ අතර, පුළුල් කලාපීය අවිනිශ්චිතභාවයන් හේතුවෙන් ගුවන් සමාගම් ගුවන් ගමන් සැලකිය යුතු ලෙස නැවත සකස් කරමින් සිටී.
එක්සත් ජනපද ගුවන් ප්‍රහාරවලට පළිගැනීමක් වශයෙන් කටාර්හි අල් උදෙයිද් එක්සත් ජනපද ගුවන් කඳවුරට ප්‍රබල මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන හමුදාව ඊයේ (23) පැවැසීය.
එක්සත් ජනපද ගුවන් යානා මඟින් ඉරාන භූගත න්‍යෂ්ටික ස්ථානවලට රාත්තල් 30,000 ක් පමණ බරැති බෝම්බ හෙළීමෙන් පසු ඉරානය විසින් ද එක්සත් ජනපදයට එවැනිම ලෙස බෝම්බ හෙළීමක් සිදුවිය.
ටෙහෙරානයට එරෙහි ඊශ්‍රායලයේ ගුවන් යුද්ධයට එක්වීමෙන් ඉරානය එක්සත් ජනපදයට පළිගැනීමේ තර්ජන නිකුත් කර තිබූ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන රජය පෙරළා දැමිය හැකිවීම පිළිබඳව සාකච්ඡා කළේය.
කටාර් ආරක්ෂක අමාත්‍යවරයා විසින් විදෙස් ජනමාධ්‍යයට අදහස දක්වමින් පැවසූයේ, ඉරානයේ සිට ගල්ෆ් හරහා පිහිටා ඇති මැද පෙරදිග විශාලතම එක්සත් ජනපද හමුදා කඳවුර වන අල් උදෙයිද් ගුවන් කඳවුරට එල්ල කරන ලද මිසයිල තම ගුවන් ආරක්ෂක ක්‍රම මඟින් වළක්වා ගත් බව පැවසීය.
ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදු නොවූ බව කටාර් පොලීසිය පැවසූ අතර, එය හෙළාදකින අතර ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන් සතු බව පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart