February 27, 2026

වැටළීම් රාජකාරී සඳහා පිටවීමේ සටහන් යොදා කාන්තාවක සමග ලැගුම්හලක රැඳීසිටි බව කියන පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනමට ලක්කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ වැලිපැන්න පොලිසියට අනුයුක්ත සැරයන්වරයකුගේය.

පොලිස් සැරයන්වරයා වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිගේ නියෝග අනුව තවත් නිලධාරීන් තිදෙනකු සමග වැටළීම් රාජකාරී සඳහා පිටවීමේ සඳහන් යොදා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අනතුරුව ලද තොරතුරක් අනුව ස්ථානාධිපතිවරයා විසින් පරික්ෂා කිරීමේදී සැරයන්වරයා මතුගම අගලවත්ත පාරේ ලැගුම්හලක කාමරයක් තුළ කාන්තාවක් සමග රැඳී සිටියදී හමුවූ බව එම නිලධාරියා කීය.(ලංකාදීප)