
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වලංගු රියදුරු බලපත්රයක් නොමැතිව යතුරුපැදියක් පැදවූ පුද්ගලයෙකුට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටීම සඳහා රුපියල් 10,000 ක අල්ලසක් ලබාගත් පොලිස් නිලධාරියකු ජූනි 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කින්නියා පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි.
කොළඹ අතිරේක මහේස්ත්රාත් මංජුල රත්නායක විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
පැමිණිල්ලට අනුව පැමිණිලිකරුගේ පුත්රයා අදාළ පොලිස් කොට්ඨාශය තුළ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැකකාර පොලිස් නිලධාරියා විසින් යතුරුපැදිය නවතා පරීක්ෂා කර ඇත.
එහිදී සැකකාර පොලිස් නිලධාරියා යතුරුපැදිකරුට රියදුරු බලපත්රය ඉදිරිපත් කරන ලෙසට පවසා ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ ඔහු සතුව රියදුරු බලපත්රයක් නොමැති බවයි.
පසුව සැකකාර පොලිස් නිලධාරියා යතුරුපැදිය සහ පැදිකරු සිය භාරයට ගෙන ඇති අතර නීතිමය ක්රියාමාර්ග නොගෙන නිදහස් කිරීම සඳහා රුපියල් 10,000ක මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.
පැමිණිලිකරුගේ පුත්රයා එම ඉල්ලීමට එකඟ වී ඇති අතර අනතුරුව පැමිණිලිකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කළ දැනුම්දීමකට අනුව එම නිලධාරීන් අල්ලස ලබාගන්නා අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart