
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සර්බියානු පාසලක සෙසු සිසුන් 08 දෙනකු සහ ආරක්ෂක නිලධාරියකු ඝාතනය කළ දරුවා, සති ගණනක් තිස්සේ එම ප්‍රහාරය සැලසුම් කර “ඝාතන ලැයිස්තුවක්ද” සකස්කර ඇති බව එරට පොලිසිය පවසයි.
මධ්‍යම බෙල්ග්‍රේඩ් හි ව්ලැඩිස්ලාව් රිබ්නිකාර් ප්‍රාථමික පාසලේ පසුගිය බදාදා උදෑසන සිදුකෙරුණු ප්‍රහාරයෙන් පසු 13 හැවිරිදි මෙම දරුවා අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි තැබීමෙන් තවත් සිසුන් 06 දෙනෙකු සහ ගුරුවරයකු ද තුවාල ලබා ඇත. ප්‍රහාරයට හේතුව තවමත් විමර්ශනය කෙරෙන බව පොලිසිය පවසයි.
සැකකරු තම පියාගේ තුවක්කු භාවිත කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, ඒ සඳහා නීත්‍යනුකූල බලපත්‍ර පවතින බව අනාවරණය වී තිබේ. ඝාතනයට පෙර ඔහු සිය පියා සමඟ කිහිප වතාවක් වෙඩි තැබීම් පුහුණුවන ස්ථාන වෙත ගොස් ඇති බවද පැවසේ. පසුව දරුවාගේ මව සහ පියාද අත්අඩංගුවට ගෙන ඇත.
රූපවාහිනිය ඔස්සේ රට අමතමින් සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්(Aleksandar Vucic) පවසා ඇත්තේ මෙය “අපේ රටේ නූතන ඉතිහාසයේ වඩාත්ම දුෂ්කර දිනය” ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart