
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කරන අන්දමට, ආරක්ෂණ රෙගුලාසි හේතුවෙන් ඉන්දීය යොවුන් සුපිරි පිතිකරු වෛභව් සූර්යවංශිට ඉදිරි එංගලන්ත විස්සයි20 තරග සංචාරයේදී වෙනම ඇඳුම් මාරුකිරීමේ පහසුකම් භාවිත කිරීමට සිදුවනු ඇත.
ලබන සිකුරාදා බෙල්ෆාස්ට්හිදී අයර්ලන්තයට එරෙහිව තරග බිමට පිවිසෙමින් ඉන්දියාව වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් වරම් ලැබූ ලාබාලම ක්‍රීඩකයා බවට පත්වීමට නියමිතව සිටින 15 හැවිරිදි සූර්යවංශි, ඉන් අනතුරුව විස්සයි20 තරග 5කින් සමන්විත තරගාවලියක් සඳහා එංගලන්තය බලා යාමට නියමිතය.
‘ද ගාඩියන්’ පුවත්පත පෙන්වා දෙන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ආරක්ෂණ රීති සහ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ රෙගුලාසිවලට අනුව, වයස අවුරුදු 16ට අඩු ක්‍රීඩකයින්ට වැඩිහිටි ඇඳුම් මාරු කරන කාමර (Changing rooms) භාවිත කිරීම තහනම් කර ඇති බවයි.
මේ හේතුවෙන් එංගලන්ත සංචාරයේදී සියලුම ක්‍රීඩාංගණවල සූර්යවංශි වෙනුවෙන් වෙනම පහසුකම් සැලසීමට කටයුතු යොදනු ඇත.
කෙසේවෙතත්, මෙම සීමාව බලපැවැත්වෙන්නේ තරගවලට පෙර සහ පසුව ක්‍රීඩකයින් ඇඳුම් මාරුකරන අවස්ථාවන්හිදී පමණක් වන අතර, තරග පැවැත්වෙන අතරතුර සහ කණ්ඩායම් රැස්වීම්වලදී ඉන්දීය ක්‍රීඩකාගාරය (Dressing room) තුළ රැඳී සිටීමට සූර්යවංශිට අවසර හිමිවන බව ද එම වාර්තාවේ සඳහන් වේ.
‘ද ගාඩියන්’ පුවත්පතට අනුව, අදාළ ආරක්ෂණ පියවරයන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රීඩාංගණ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටී.
එමෙන්ම මෙම සංචාරය පුරා සූර්යවංශිගේ මාපියන් ද ඔහු සමඟ රැඳී සිටීමට නියමිත බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
අයි.පී.එල්. (IPL) තරගාවලියේදී දැක්වූ වාර්තාගත දක්ෂතා සහ මෑතකදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පන්දු 29කින් ලකුණු 94ක් රැස් කරමින් ඉන්දියා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන් සූර්යවංශි ලෝක ක්‍රිකට් පිටියේ නැගී එන දීප්තිමත් තාරකාවක් බවට පත්ව සිටී.
“මෙය අයි.සී.සී. තරගාවලියක් වන අතර, ඔවුන්ගේ බලතල ක්‍රියාත්මක වන බැවින් ඔවුන්ගේ ආරක්ෂණ ක්‍රියා පටිපාටි සක්‍රීයව පවතිනවා,” යැයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩල ප්‍රකාශකයෙකු ‘ද ගාඩියන්’ පුවත්පතට පවසා ඇති අතර, රෙගුලාසිවලට අනුකූල වීම සහතික කිරීම සඳහා සියලුම ක්‍රීඩාංගණවල ආරක්ෂණ ඇගයීම් සිදු කරමින් පවතින බව ද ඔහු සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart