
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොලිස් සේවයේ වසර 38ක සේවා කාලයක් සම්පූර්ණ කරමින් නීතිඥ, ආචාර්ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අද දින විශ්‍රාම ලැබීය. ඔහුගේ දිගුකාලීන පූර්ණ සේවය ඇගයීම සඳහා වූ උත්තමාචාර පොලිස් ආචාර පෙළපාලිය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූ කණිෂ්ඨතම නිලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනී.
නීතිවේදී උපාධිධාරී සුදුසුකම් ලත් නීතිඥවරයකු වන ඔහු, සිය වෘත්තීය ජීවිතය පුරා දැක්වූ කැපවීම, නායකත්වය සහ සන්නිවේදන කුසලතාව හේතුවෙන් මහජනතාව අතර ජනප්‍රියත්වයට පාත්‍ර විය.
අවිස්සාවේල්ල, කොස්ගම ප්‍රදේශයේ උපත ලැබූ අජිත් රෝහණ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පාසල් සමයේදීම දක්ෂ ව්‍යක්ත කථිකයකු ලෙස ඇගයීමට ලක්වූ ඔහු, පසුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (LL.B.) උපාධිය ලබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙසද කටයුතු කළේය.
රාජ්‍ය සේවයට කළ විශිෂ්ට සම්ප්රදායක මෙහෙවර උදෙසා ඔහුට 2020 වසරේදී ගෞරව ආචාර්ය උපාධියක් ද පිරිනමන ලදී.
සිය වසර 38ක පොලිස් සේවා කාලය තුළ ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජාතික ළමා රක්ෂක අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික, මෙන්ම දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.
ඔහුගේ නිල විශ්‍රාම ගැනීමේ දිනය සැප්තැම්බර් 11 වැනිදාට යෙදී තිබුණද, ඔහුගේ දීර්ඝ සේවය අගයමින් පවත්වන ලද ආචාර පෙළපාලිය සහ සමුගැනීමේ උත්සවය අද දින කුරුණෑගලදී පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart