
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ නීතිවිරෝධී රන් කැණීම් වැටලීමේ මෙහෙයුමක් සඳහා ගමන් කරමින් සිටි පොලිස් වෑන් රථයකට සැඟව සිටි ත්‍රස්ත කණඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.
මෙම ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව ‘Rescue 1122’ හදිසි සේවා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
කෝහාට් දිස්ත්‍රික්කයේ ගුම්බට් කෝහාට් ප්‍රදේශය බලා ගමන් කරමින් සිටි පොලිස් කණ්ඩායම, කෝහාට් සහ කරක් අතර පිහිටි ඩර්බොකාච් ජලන්දර් බණ්ඩා ප්‍රදේශයේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මුහම්මද් නෞමන් සෙබ් පැවසීය.
ප්‍රහාරකයින් කඳු මුදුන්වල සිට පොලිස් නිලධාරීන් ඉලක්ක කර වෙඩි තබා ඇති බවත්, ඉන් ජීවිත හානි සහ පොලිස් වාහනවලට දැඩි අලාභහානි සිදුව ඇති බවත් Express Tribune පුවත්පත වාර්තා කරයි. මියගිය පිරිස අතර ගම්බට් නියෝජ්‍ය පොලිස් අධිකාරී හයිදර් සමාන් සහ උප පොලිස් පරීක්ෂක මුක්තියාර් යන නිලධාරීන් ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම ප්‍රහාරය අතරතුර ජංගම පොලිස් රථ පහකට ද ගිනි තබා ඇත. ප්‍රහාරකයින් පොලිස් නිලධාරීන් වෙත අඛණ්ඩව වෙඩි තැබීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර දරුණු වෙඩි හුවමාරුවක් ද සිදුව තිබේ.
සිද්ධිය වූ ස්ථානයට අමතර පොලිස් වාහන සහ විශේෂ පොලිස් බලඇණි කැඳවීමට පියවර ගෙන ඇති අතර, ප්‍රහාරයෙන් පසු දිස්ත්‍රික් මූලස්ථාන ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, කයිබර් පක්තුන්ක්වා ආණ්ඩුකාර ෆයිසාල් කරීම් කුන්ඩි මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශ කළේ, මෙය අපරාධ කල්ලි සහ ත්‍රස්තවාදීන් අතර පවතින සබඳතාව පෙන්නුම් කරන්නක් බවයි. පොලිස් නිලධාරීන්ගේ අභාවය පිළිබඳව සිය බලවත් ශෝකය පළ කළ ආණ්ඩුකාරවරයා, දිවි පිදූ නිලධාරීන්ට ගෞරවය පුද කරමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය සංවේගය පළ කර සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart