
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් ලක්ෂයට අඩු පොලී ආදායමක් සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොළී රඳවාගැනීම නිසා ඇතිව තිබූ ගැටළුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
මේ සම්බන්ධයෙන් මතුවන ගැටළු විසඳීමට 1944 නම් නව දුරකථන අංකයක්ද මුදල් අමාත්‍යංශය හඳුන්වා දී තිබේ.
මේ දක්වා රුපියල් ලක්ෂයකට අඩු මාසික පොලී ආදයමක් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම තැන්පතු සදහා පොළී මුදල් ලබාගත හැකි වූයේ වසරක් ගතවීමෙන් පසුවයි.
ඊයේ දිනයේදී නිකුත් කළ නව චක්‍රලේඛය අනුව වසරක් ගතනොවූවද රුපියල් ලක්ෂයට අඩු වාර්ෂික පොළී ආදායමක් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම පොළී මුදල් ලබාගැනීමේ හැකියාව පවතී.
මේ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සෑම කාර්යාලයකම වෙනම නිලධාරීයකුද පත් කර ඇත.
මේ දක්වා බදු සීමාවට වඩා අඩු ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම තැන්පතු සඳහා පොළී ලබාගැනීමේදී ගැටළු රැසකට මුහුණ දීමට සිදුව තිබූ අතර , ඔවුන්ට තම පොළී මුදල් ලබාගැනීමට වසරක කාලයක් බලා සිටීමට සිදුව තිබිණි.
මේ හේතුව නිසා අසාධාරණයට ලක්ව සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මේ සඳහා විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීම් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart