
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය සතු ලංකා හොස්පිට්ල්ස්(Lanka Hospitals Corporation PLC) මිලදීගැනීම සඳහා පාර්ශ්ව 08කින් ඉල්ලීම් ලැබී ඇති බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
2023 ඔක්තෝම්බර් 18 වැනි දින අන්තර්ජාතික සහ දේශීය ජනමාධ්‍ය හරහා, ශ්‍රී ලංකා රජය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය හරහා ක්‍රියා කරන ලංකා හොස්පිටල්ස්හි කොටස් අත්පත් කර ගැනීම සඳහා සුදුසුකම් සහිත ආයෝජකයන්ගෙන් ‘සුදුසුකම් සඳහා ඉල්ලීමක්’ (RfQ) ඉල්ලා සිටියේය.
මේ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2023 නොවැම්බර් 21 වැනි අඟහරුවාදා පස්වරු 02 න් අවසන් විය.
ඒ අනුව ලැබුණු ඉල්ලීම් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ සාකච්ඡා කමිටුව විසින් සළකා බලා ඇත.
ඊට ඉල්ලීම් 08ක් ලැබී ඇති අතර, 2023 ජූලි මාසයේදී ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලද රජය සතු ව්‍යවසායන් බෙදාහැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ අනුව ඒවා ඇගැයීමට ලක්කෙරෙන බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart