
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දුම්රිය ජාලය විදුලි බලයෙන් ක්‍රියාත්මක කිරීම සහ නවීකරණය කිරීම සඳහා වූ අදියර කිහිපයකින් යුත් වැඩපිළිවෙළක් 2027 වසරේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළේය.
ජනාධිපති උපදෙස් මත සකස් කර ඇති මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රමුඛතා දෙකක් කෙරෙහි අවධානය යොමුකෙරේ.
එනම්, දැනට හානියට පත්ව ඇති දුම්රිය යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන නාගරික දුම්රිය පද්ධතියක් හඳුන්වාදීමයි.
දුම්රිය සේවාවන් කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීම සඳහා මුල් අදියරේදී දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීමට කටයුතු කරන බවත්, ඉන් අනතුරුව නායයෑම් සහ කාලගුණික අවදානම් අවම කිරීම සඳහා රැඳවුම් තාප්ප සහ විධිමත් ජලාපවහන පද්ධති වැනි බෑවුම් ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාවට නංවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
දෙවැනි අදියර යටතේ මුහුදුබඩ දුම්රිය මාර්ගය, පොල්ගහවෙල සහ රඹුක්කන හරහා දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගය හා කැලණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට නියමිතය.
කොළඹ තදාසන්න දුම්රිය නවීකරණ සැලැස්ම යටතේ, 2027 වසරේ සිට කොටුව–රාගම, කොටුව–පානදුර සහ මරදාන–මාකුඹුර යන මාර්ගවල විදුලි දුම්රිය සේවාවන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
දිනපතා කොළඹට පැමිණෙන ජනතාවගේ ගමන් බිමන් පහසු කිරීම සඳහා මෙම මාර්ග පසුව පුළුල් තදාසන්න දුම්රිය වටරවුම් ජාලයකට (suburban rail loop) සම්බන්ධ කරනු ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ සම්මත පළලින් යුත් (Standard-gauge – අඩි 4 අඟල් 8.5) දුම්රිය මාර්ග සහ කෙටි දුර සේවාවන් නිතර ධාවනය කිරීම සඳහා නව විදුලි දුම්රිය හඳුන්වාදීමට නියමිතය.
මෙම මෙට්‍රෝ මාදිලියේ (Metro-style) නාගරික දුම්රිය සේවාව එහි පරිමාණය සහ පිරිවැය හේතුවෙන් එකවර ආරම්භ කළ නොහැකි බවත්, එබැවින් එය අදියර වශයෙන් ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
දිගුකාලීන සැලැස්මට අනුව තදාසන්න ප්‍රවාහන පද්ධතියේ සම්පූර්ණ පරිවර්තනයක් අපේක්ෂා කරන අතර, එහි සමස්ත ක්‍රියාවලිය නිම කිරීම සඳහා වසර 10ත් 15ත් අතර කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා ඇත.
කෙසේවෙතත්, ප්‍රමුඛතා මාර්ග විදුලි බලයෙන් ක්‍රියාත්මක කිරීම ඇතුළත් මෙහි මූලික අදියර, ඉදිකිරීම් කටයුතු ආරම්භ වී වසර තුනක් හෝ හතරක් ඇතුළත නිමකිරීමට අපේක්ෂිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart