
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ වොෂින්ටන් නුවර මධ්‍යයේදී ආයුද සන්නද්ධ පුද්ගලයෙකුට රහස් ඔත්තු සේවා නියෝජිතයන් විසින් ඊයේ වෙඩි තබා ඇතැයි වාර්තා වේ.
එම සිදුවීම හේතුවෙන් ආසන්නයේ පිහිටි ධවල මන්දිරය කෙටි වේලාවකට වසා දැමීමට පියවර ගත් බව බලධාරීන් ප්‍රකාශ කළහ.
National Mall ප්‍රදේශය අසල මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් රැගත් රථ පෙළ එම ප්‍රදේශය පසුකර ගොස් සුළු වේලාවකට පසුව බව රහස් ඔත්තු සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මැතිව් ක්වින් පැවසීය.
මෙම ප්‍රහාරයේ ඉලක්කය උප ජනාධිපතිවරයා බව තමා විශ්වාස නොකරන බවත්, මෙය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිතයට එල්ල වූ මෑතකාලීන තර්ජනවලට සම්බන්ධ දැයි අනුමාන කළ නොහැකි බවත් ක්වින් ජනමාධ්‍යවේදීන්ට පැවසීය.
“මම ඒ ගැන අනුමාන කරන්න යන්නේ නැහැ, ඒක ජනාධිපතිවරයා ඉලක්ක කර ගත්ත එකක් ද නැද්ද කියන්න මම දන්නේ නැහැ, නමුත් අපි එය සොයා ගන්නවා.” යනුවෙන් පැවසූ ක්වීන් පෙන්වා දුන්නේ රහස් ඔත්තු සේවා නියෝජිතයන් විසින් ගිනි අවියක් ළඟ තබාගෙන සිටින බව පෙනෙන සැක සහිත පුද්ගලයෙකු හඳුනා ගැනීමෙන් පසුව මෙම වෙඩි තැබීම සිදුවූ බවයි.
නිලධාරීන් සැකකරු වෙත පැමිණෙන විට එම පුද්ගලයා පලා ගොස් ඇති අතර, පසුව තම ගිනි අවිය පිටතට ගෙන වෙඩි තැබූ බව ක්වින් සඳහන් කළේය.
එහිදී රහස් ඔත්තු සේවා නියෝජිතයන් සැකකරුට පෙරළා වෙඩි තබා ඇති අතර එහිදී එම පුද්ගලයා තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
සැකකරු රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා නොවේ.
සිද්ධියෙන් ආසන්නයේ සිටි බාලවයස්කාර දරුවෙකුට ද සුළු තුවාල සිදුවී ඇති බව ක්වින් පැවසීය.
මෙම සිදුවීම වාර්තා වන්නේ, ට්‍රම්ප් සහභාගී වූ උත්සවයක් පැවැති වොෂින්ටන් හෝටලයක ආරක්ෂක වළල්ල බිඳ දැමීමට තුවක්කුකරුවෙකු උත්සාහ කිරීමේ සිද්ධියෙන් සතියක කාලයක් ගෙවීයාමෙන් අනතුරුවයි.
එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 31 හැවිරිදි කෝල් ඇලන් නමැති සැකකරුට එරෙහිව ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart