
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් මගින් මැතිසබය විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශය පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, මේ සාකච්ඡාවේදී සිංහල අවුරුද්දෙන් පසුව මැතිසබය විසුරුවා හැරීම ගැන දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අදහස් හුවමාරු කරගෙන ඇතැයි දැනගන්නට ඇත.
එසේම ඊට කැමැති මන්ත්‍රීන් සංඛ්‍යාව ලැයිස්තුගත කොට ගණනය කිරීමටත් එකඟත්වයක් ඇති කරගෙන ඇතැයි ද සඳහන්ය.
කෙසේවෙතත් දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර ඇතිවූ මෙම සාකච්ඡාවේදී මතුවූ කරුණු පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කොට අවසාන එකඟතාවක් ලබාගැනීමටද තීන්දුවී තිබේ.
ලැබී ඇති තොරතුරුවලට අනුව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීන් පිරිසක් මෙම රහස් සාකච්ඡාව සඳහා එක් වී ඇත.
මේ අතර, පසුගියදා ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ, පළමුව පැවැත්විය යුත්තේ ජනපතිවරණය වුවත් මන්ත්‍රීන් අවශ්‍ය නම් යෝජනා සම්මතයකින් මැතිසබය විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමේ හැකියාව ඇති බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart