
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගීන් සඳහා පනවා ඇති මාර්ග ආරක්ෂිත රීති උල්ලංඝනය කරමින් ආසන පටි නොමැතිව ගමන් කරන පුද්ගලයින්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අනතුරු අඟවා සිටියි.
පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී. ජේ. සේනාධීර සඳහන් කළේ, අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල ගමන් කළ යුත්තේ එහි ඇති ආසන පටි සංඛ්‍යාවට සරිලන මගීන් සංඛ්‍යාවක් පමණක් බවයි.
එසේම, යම් වාහනයක පසුපස ආසනයේ ආසන පටි දෙකක් පමණක් තිබේ නම්, එම පසුපස ආසනයේ ගමන් කළ හැක්කේ මගීන් දෙදෙනෙකුට පමණක් බව ද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
යම් හෙයකින් එම පසුපස ආසනය මැද ආසන පටියක් නොමැතිව තෙවැනි මගියෙකු ගමන් කළහොත්, එම මගියාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart