
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07කට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම ස්ථාන මාරු අනුමත කර ඇත.
මෙලෙස ස්ථාන මාරු ලබාදී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු වන්නේ, එල්.එස්. පතිනායක, අජිත් රෝහණ, ඩබ්ලිව් .එල්.ඒ .එස් ප්‍රියන්ත වීරසූරිය, එස්.සී මැදවත්ත, ඩබ්ලිව්.කේ ජයලත්, ආර්.එල් .කොඩිතුවක්කු, එල්.කේ .ඩබ්ලිව්.කේ සිල්වා ය.
,
එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්. පතිනායක මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුකර තිබේ. ඔහු මීට පෙර සේවය කළේ, පොලිස් මූලස්ථානයේ ය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලෙස ස්ථාන මාරු සිදුකර ඇති අතර, ඔහු මීට පෙර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එල්.ඒ.එස් ප්‍රියන්ත වීරසූරිය මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී මැදවත්ත පත් කර ඇත්තේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසය. ඔහු මීට පෙර සහායක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සහ වයඹ පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.කේ. ජයලත් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.
ඔහු මීට පෙර නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය .
වෛද්‍ය සේවා සුභ සාධක හා ක්ෂේත්‍ර බලකා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ආර්.එල්. කොඩිතුවක්කු, සහයක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර තිබේ.
අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.ඩබ්ලිව් .කේ සිල්වා වෛද්‍ය සේවා සුභ සාධක හා ක්ෂේත්‍ර බලකා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart