June 5, 2023

විද්‍යාඥයන් බුද්ධිමත් පිටසක්වල ජීවීන්ගේ සලකුණු සෙවීම සිය විමර්ශන කටයුතු පුළුල් කර ඇත.

පෘථිවිය අයත්වන මන්දාකිනියේ මාධ්‍යයට වන්නට පවතින ඝන තරු කලාපයක් නිරීක්ෂණය කර ඇති විද්‍යාඥයන්, එම කලාපය ඉලක්ක කර බුද්ධිමත් පිටසක්වල ජීවීන්ට හඳුනාගත හැකි යැයි විශ්වාස කෙරෙන සංඥා වර්ගයක් යොමුකර ඇත.

පිටසක්වල ජිවින්ගේ සලකුණු සෙවීමට විද්‍යාඥයන් මීට පෙර භාවිත කරනු ලැබුවේ සීමිත පරාසයක සංකේන්ද්‍රණය වූ පටු කලාප රේඩියෝ සංඥා වර්ගයක් හෝ තනි අසාමාන්‍ය සම්ප්‍රේෂණයන්ය(limited frequency range or on single unusual transmissions).

මෙම නව මුලපිරීම, විද්‍යාඥයින් පසුගිය සතියේ ප්‍රකාශ කළේ, අන්තර් තාරකා අවකාශයේ විශාල දුරක් හරහා සන්නිවේදනය කිරීමට දියුණු ශිෂ්ටාචාරයන්ට හැකි වෙනත් සංඥා වර්ගයක් කෙරෙහි අවධානය යොමු කරන බවයි.

Astronomical Journal හි ප්‍රකාශයට පත් කරන ලද විද්‍යාත්මක පත්‍රිකාවක සඳහන් වන්නේ ක්ෂීරපථයේ හරය ඉතා මැනවින් දන්නා පිටසක්වල ජීවීන්ට ඇසිය හැකි බීකන භාවිතය කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

දැවැන්ත තාරකාවක පුපුරන සුලු මරණයට පෙර, අන්තර් තාරකා හරහා සංක්‍රමණය සඳහා සූදානම්වීම වැනි ප්‍රධාන සිදුවීම් සන්නිවේදනය කිරීම වෙනුවෙන් පිටසක්වල ජීවීන් ආලෝකයේ වේගයෙන් එවැනි සම්ප්‍රේෂණ භාවිත කරන බවට විද්‍යාඥයෝ විශ්වාස කරති.