April 5, 2024

මස්කෙළිය ගාට්මෝර් දෙමළ උසස් පාසලේ කොන්ක්‍රීට් වළල්ලක් කඩාවැටීමෙන් සිසුවකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 11 හැවිරිදි එම පාසලේ හය වසරේ ඉගෙනුම ලබන එස්.අනිෂාන් නමැති හැවිරිදි සිසුවා මෙම අනතුරින් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි.

බලධාරීන් පවසන පරිදි මෙම කොන්ක්‍රීට් වළල්ල පාසල් ක්‍රීඩාංගණයේ තේ සංවර්ධන ව්‍යාපෘතියක කොටසක් ලෙස සවිකර තිබී ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ පාසල් වේලාවේදීය.