August 5, 2025

ජනාධිපති අරමුදල අතීතයේ දී දේශපාලනඥයන්ගේ ඥාතීන්ට උපකාර කිරීම සඳහා යොදාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අනුර කරුණාතිලක අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ඒ අනුව, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා තම පුත් හර්ෂණ රාජකරුණාගේ උසස් අධ්‍යාපනය සඳහා ආධාර ඉල්ලා ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් තම ඥාතියකු සඳහා ආධාර ඉල්ලා ඇති බව බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.