
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පියංකර ජයරත්න සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේදී වෙසක් කාඩ්පත් මුද්‍රණය කිරීම මඟින් රජයට අයුතු පාඩුවක් කිරීම ඇතුළු අධිචෝදනා 2ක් යටතේ පවරන ලද අල්ලස් නඩුවේ චෝදනා භාරදීම කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ දී ඊයේ (04දා) සිදු විය.
නඩුව කැඳවන ලද අවස්ථාවේ ඇප මත මුදාහැර සිටින හිටපු ඇමැතිවරයා අධිකරණය ඉදිරියේ පෙනීසිටියේය.
මහාධිකරණයේ භාෂා පරිවර්තක මල්ෂි ප්‍රනාන්දු චෝදනා කියවාදීමෙන් පසු තමන්ට විරුද්ධව ඉදිරිපත්ව ඇති සියලු චෝදනාවන්ට විත්තිකරු නිවැරදිකරු බව කියාසිටියේය.
අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ විය. එහි දී සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් පණ්ඩුක ප්‍රියංක ජයවීර සාක්ෂි දෙන ලදී.
සාක්ෂි විභාගයේ දී නිසි පටිපාටියෙන් බැහැරව ද්විතීයික සාක්ෂි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු විරෝධතාවක් ඉදිරිපත් කළේය.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය ද්විතීයික සාක්ෂි විමසීම පිළිබඳ කරුණු දැක්වීම සඳහා කැඳවීම් දිනයක් නියම කළේය. ලබන ඔක්තෝබර් 14දා නඩුව යළි කැඳවීමට නියමිතය. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ඉෂානි රාජපක්ෂ පෙනීසිටියාය.
2013 වසරේ මැයි මස 10 සහ ජූනි 06දා අතර කාලය තුළ දී වෙසක් කාඩ්පත් 3,000ක් මුද්‍රණය කිරීම මඟින් රජයට රුපියල් 1,28,520ක පාඩුවක් කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව පවරා ඇත. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 11 දෙනකු නම්කර ඇත. විත්තිකරු රුපියල් 25,000ක මුදල් හා ලක්ෂ 25ක ශරීර ඇප මත නිදහස් කර තිබේ.
විත්තිකරුට එරෙහිව මෙම නඩුවට අමතරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තවත් නඩු තුනක් ගොනුකර ඇත.
රුපියල් 360,000ක මුදලක් මහවැව වී හේන ෆාම් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ගෙවීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹවීමෙන් එකී මුදලක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීම හා රුපියල් 494,000ක මුදලක් හලාවත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමකට බැරකිරීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹවීමෙන් එකී මුදලක පාඩුවක් ආණ්ඩුවට සිදුකිරීමෙන් දූෂණය නම් වරද සිදු කිරීමට එරෙහිව අදාළ නඩු පවරා ඇත.
මෙයට අමතරව අමාත්‍යාංශය යටතේ නැති තනතුරක් ස්ථාපිත කර සිය පෞද්ගලික ලේකම්වරයාට අමතර වැටුපක් ගෙවීමේ චෝදනාව යටතේ තවත් නඩුවක් ගොනුකර තිබේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart