
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට තුළ බියර් නිෂ්පාදනයේදී නියමිත ප්‍රමිතීන් අනුගමනය නොකරන බව සහ ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු වන සංජය මහවත්ත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, 1913 සුරා බදු පනතට අනුව බියර් නිෂ්පාදනයේදී සීනි සහ සහල් භාවිත කිරීම තහනම් වන බවයි.
එහෙත් බියර් පානය කරන ජනතාවගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කරමින් වර්තමානයේදී බියර් නිෂ්පාදනයේදී සහල් සහ සීනි භාවිත කරන බවට ඔහු චෝදනා කළේය.
ධාන්‍යවලට වඩා අඩු මුදලකට එම ද්‍රව්‍ය ලබාගත හැකි වීම ඊට හේතුව බවත්, මේ ඔස්සේ වෙළඳපොළට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වන බවත් සංජය මහවත්ත ජනමාධ්‍ය වෙත පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, බියර් නිෂ්පාදනය කරන එක් සමාගමක් දිනකට සහල් කිලෝ 80,000 ක් පමණ ඒ සඳහා මිලදී ගන්නා බවත්, එය වෙළඳපොළේ සහල් හිඟයට හේතුවක් වන බවයි.
එමෙන්ම වත්මන් ක්‍රියාපටිපාටිය අනුව බියර් හරහා පළිබෝධනාශක ද පාරිභෝගිකයන්ගේ ශරීරගත වන බව ද ඔහු අනාවරණ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart