
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම ජයග්‍රහණය කිරීමට ඉඩ ඇති බව හිටපු ඇමැතිවරයකු වන එස්.බී. දිසානායක විශ්වාසය පළකරයි.
“ජනාධිපතිවරණයෙන් පසු අනුර කුමාර දිසානායකගේ හැසිරීම සහ ඔහුගේ ප්‍රකාශ මත පදනම්ව, ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමට මේ පාලනයට ශක්තියක් ඇතැයි මම විශ්වාස කරනවා” යැයි දිසානායක පැවැසීය.
වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධා නොකළ යුතු බව තමා විශ්වාස කරන බව පැවසූ දිසානායක මහමැතිවරණයෙන් ජයග්‍රහණයක් අනෙකුත් පක්ෂවලට අසීරු වනු ඇති බව සඳහන් කළේය.
“එය පහසු වෙන්නේ නෑ. දැනට ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් පුංචි ඇමැති මණ්ඩලයක් පත්කරගෙන ආණ්ඩුවේ වැඩකටයුතු කරගෙන යන ජයග්‍රාහී ජනාධිපතිවරයෙක් අපිට ඉන්නවා.”
මෑතක දී මැතිවරණයක් ජයග්‍රහණය කළ පක්ෂයකට ඇති වාසි ගැන සඳහන් කරමින්, ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ජන බලයවේගය අවම වශයෙන් ඡන්ද මිලියන 6.5 ක් ලබා ගනු ඇතැයි දිසානායක අනාවැකි පළකළේය.
“ඒ වාසිය දැන් ජාතික ජන බලවේගය සහ JVP එකට තියෙනවා. කොහොම උණත් අනෙකුත් පක්ෂ එකතු වී මැතිවරණ සඳහා ප්‍රබල විපක්ෂයක් ගොඩනඟා ගන්නවා නම් එය යහපත් වනු ඇතැයි මම විශ්වාස කරනවා” යැයි දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart