
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යම් ප්‍රදේශයක පොලිස් ස්ථානයක් තම බලප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වන්නේ නම්, ඒ සඳහා වෙනත් පොලිස් කොට්ඨාස හෝ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) යොදවා වැටළීම් සිදුකිරීමට තමා සූදානම් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලැබී ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ පැමිණිලි හෝ බුද්ධි තොරතුරු නොසලකා නොහරින ලෙස පොලිස් නිලධාරීන්ට සහ විශේෂ කාර්ය බලකායට උපදෙස් දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
විවිධ වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 1,000කට වැඩි පිරිසක් සේවයෙන් නෙරපා හැර ඇති බවට වාර්තා වන පසුබිමක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වීම සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සබඳතා පැවැත්වීම වැනි චෝදනා මත ඇතැම් නිලධාරීන් සේවයෙන් පහකර ඇති බව අමාත්‍යවරයා මීට පෙරද ප්‍රකාශ කර තිබිණි.
රාජකාරි පැහැරහැරීම සහ අල්ලස් ගැනීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් නිලධාරීන් කිහිපදෙනකුම සේවයෙන් ඉවත් කර ඇති බවද ඔහු පැවසීය.
පසුගිය ඉරිදා කුරුණෑගල පැවැති උත්සවයකදී රජයේ මත්ද්‍රව්‍ය නිවාරණ උපායමාර්ගය පිළිබඳව අදහස් දක්වමින් ඇමැති විජේපාල කියාසිටියේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සහ ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් බලධාරීන් වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරන බවයි.
මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් පමණක් ස්ථිර විසඳුමක් නොලැබෙන බවත්, ඒ වෙනුවට ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් ලෙස සලකා පුනරුත්ථාපන වැඩසටහන් වෙත යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
කෙසේවෙතත්, මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට දායක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ බෙදාහරින්නන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
“මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය අත්අඩංගුවට අරන් හිරේ දාන එකෙන් වැඩක් නෑ. ඒ නිසා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය රෝගීන් ලෙස සලකලා පුනරුත්ථාපනයට සහ ප්‍රතිකාරවලට යොමු කරන්නත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදාහරින්නන් කොටුකර ගැනීමට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නත් අපි උපදෙස් දීලා තියෙනවා. ඒ සඳහා උපදෙස් දීලා තියෙන්නේ. යම් ප්‍රදේශයක පොලිස් ස්ථානයක් තමන්ගේ වගකීම ඉටු කරන්නේ නැත්නම්, ඒ ප්‍රදේශයේ පොලිසියට අමතරව වෙනත් පොලිස් කොට්ඨාසයක් යොදවලා හරි ඒ වැටළීම් කරන්න මට පුළුවන්. අද උදේ පවා ස්ථාන තුනක වැටළීම් මම පොලිස් විශේෂ කාර්ය බලකායට (STF) භාරදුන්නා. කිසිම හේතුවක් මත පොලිස් දෙපාර්තමේන්තුවට හෝ පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබෙන තොරතුරක් නොසලකා හරින්න බෑ. අපි ඒ සඳහාම විශේෂිත කණ්ඩායම් සූදානම් කරලා තියෙන්නේ” යැයි අමාත්‍යවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart