
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තුළ පවතින පුරප්පාඩු සඳහා විනිසුරුවන් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර නොගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජ්‍යෙෂ්ඨ නීතිඥ රාජීව් අමරසූරිය මේ බව සඳහන් කළේය.
මේ වන විට ඉහළ අධිකරණවල පුරප්පාඩු අටක් (08) පවතින බවත්, එම තනතුරු සඳහා සුදුස්සන් නම් කර පත්කිරීම ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත වගකීමක් බවත් අමරසූරිය පෙන්වා දුන්නේය.
මාස කිහිපයක සිට මෙම පත්කිරීම් ප්‍රමාද කිරීම බරපතළ ව්‍යවස්ථාපිත ගැටලුවක් බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරය විනිවිදභාවයකින් තොර බවටද ඔහු චෝදනා කළේය.
එවැනි යෝජනාවක් පිළිබඳ තමන් නොදන්නා බව රජයේ නියෝජිතයන් මීට පෙර ප්‍රකාශ කළද, නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්වකරුවන් සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව එම කටයුතු ඉදිරියට ගෙන ගොස් ඇති බව ඔහු පැවසීය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් පවතින්නේ නම්, ඒ පිළිබඳ විවෘත සහ විනිවිද පෙනෙන මහජන සංවාදයක් පැවැත්විය යුතු අතර, එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නේ නම් ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.
සති කිහිපයකට පෙර මෙවැනි සංශෝධනයක් පිළිබඳ කිසිදු ඉඟියක් නොතිබූ පසුබිමක මෙහි හදිසි අවශ්‍යතාව කුමක්දැයි ප්‍රශ්න කළ නීතිඥ සංගම් සභාපතිවරයා, රජයේ මූලික අවධානය යොමු විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව දැනට පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට බව යළිත් මතක් කර දුන්නේය.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු සියලු උසාවිවල සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය හිමිවූ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart