
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලන්කන් ගුවන් යානයක් තුළදී ගුවන් සේවිකාවකට පහරදී තුවාල සිදුකර බියගැන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් සවුදි අරාබි ජාතිකයකුට මාස 3ක සිරදඬුවමක් නියම කළ කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම එම දඬුවම අවුරුදු පහකට අත්හිටුවන ලෙස ඊයේ (3දා) නියම කළේය.
පහරදී තුවාල සිදුකිරීම සහ බියගැන්වීම ඇතුළු චෝදනා තුනක් යටතේ ගුවන්තොටුපොළ පොලිසිය මගින් විත්තිකරුට එරෙහිව චෝදනා ගොනුකර තිබූ අතර එම සිරදඬුවම්වලට අමතරව විත්තිකරුට රුපියල් 10,000ක දඩ මුදලක් නියම කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ගුවන්තොටුපොළ පොලිසිය අධිකරණය හමුවේ කියාසිටියේ ඉකුත් ඔක්තෝබර් මස 26 වැනිදා උදෑසන සවුදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන්තොටුපළ දක්වා පැමිණෙමින් තිබූ ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තුළදී එම පහරදීම සිදු කර ඇති බවයි.
අදාළ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැසීමට සූදානම් වන අවස්ථාවේදී වින්දිත ගුවන් සේවිකාව ආසන පටි පැළැඳ ගන්නා ලෙස සියලුම මගීන්ට දැනුම් දී ඇති බවත්, ඒ අවස්ථාවේදී විත්තිකරු එම උපදෙස් නොසලකා හරිමින් අදාළ ගුවන් සේවිකාව සමඟ බහින්බස්වීමක් ඇතිකර එම පහරදීම සිදුකර ඇති බවද විමර්ශන නිලධාරියා වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දැන්වීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart