
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉකුත් වසර කිහිපය තුළ ලංකා සතොස රුපියල් බිලියන 24ක පාඩුවක් ලබා ඇතැයි අනාවරණ වී ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වාදෙන්නේ, රුපියල් බිලියන 5ක් ණය ගෙවීමට අපොහොසත් වීමට අමතරව රුපියල් බිලියන 11ක පමණ මුදලක් සැපයුම්කරුවන්ට ගෙවිමට ඇති ණය ලෙස පවතින බවයි.
මේ හේතුවෙන් සැපයුම්කරුවන් මේවනවිට ලංකා සතොසට භාණ්ඩ බෙදාහරින්නේ, අනෙක් ගැණුම්කරුවන්ට ලබාදීමෙන් පසුව බවත්, එවැනි අර්බුදය යටතේ සතොස නඩත්තු කරමින් සිටින බවත් ඔහු පැවසීය.
එම ආයතනය දැනට දිවයින පුරා ශාඛා 454ක් ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍යවරයා පෙන්වාදුන්නේ ඉන් ශාඛා 250 ක් පමණ ලාභ නොලබන බවයි.
සතොස සහ සමුපකාර ආයතන තුළ සිදුවී ඇති අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් පුළුල් විගණනයක් සිදුකෙරෙන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේය.
අමාත්‍යාංශය යටතේ ඇති ආයතන විශාල සංඛ්‍යාවක් සැලකිය යුතු ආදායමක් උපයා ගන්නා අතරම, ඒවා වංචා සහ අක්‍රමිකතා සඳහා ඉහළ අවදානමක් ද ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.
2005 දී පිහිටුවන ලද ලංකා සතොස, ශ්‍රී ලංකාවේ විශාලතම රජය සතු සිල්ලර ජාලය වන අතර, දිවයින පුරා එහි අලෙවිසැල් 450 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර 4,500 කට වැඩි පිරිසක් සේවය කරයි.
මහජනතාවට දැරිය හැකි මිලකට භාණ්ඩ සැපයීම සහතික කිරීම මගින් ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා ලංකා සතොස ස්ථාපිත කර තිබේ.
කෙසේවෙතත් අමාත්‍යවරයා පැවසුවේ දැනට සිදුකර ඇති අධ්‍යනවලදී ඇතැම් ශාඛා ජනතාව එක්රැස් නොවන ප්‍රදේශවල දේශපාලන හේතු මත පිහිටුවා ඇති බව අනාවරණ වී ඇති බවයි.
ඇතැම් ශාඛා දේශපාලනඥයන්ට අයත් ගොඩනැගිලිවල පවා පිහිටුවා ඇති බවත්, එම ශාඛා වලින් ආදායමක් හිමි නොවන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart