May 26, 2026

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවල තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල්දමා තිබේ.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු හතරක් ගොනු කර තිබිණි.

ඔහුට එරෙහි එම නඩු හතරේ තීන්දු අද (26) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

මෙම නඩුවල තීන්දු කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් පසුගිය අප්‍රේල් 30 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද එදින නිවේදනය කළේ මෙම නඩුවල තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වැනිදා සිදුකරන බවයි.

ඒ අනුව අද අධිකරණය දැනුම්දී තිබුණේ තීන්දු ප්‍රකාශ කිරීම ජුනි මස 9 වැනිදා දක්වා කල්තබන බවයි.