
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
Occidental Eden Beruwala නම් බේරුවල වෙරළ තීරයේ පිහිටා ඇති සුඛෝපභෝගී නිවාඩු නිකේතනය, සාම්ප්රදායික නිවාඩු දින සැමරුම් සඳහා ත්රාසජනක පෙරළියක් පසුගියදා ආරම්භ කළේය.
හෝටලය විසින් ශ්රී ලංකාවේ පළමුවරට උත්සව සමයේ ආරම්භය සනිටුහන් කරමින්, නත්තල් සීයා වඩාත් දර්ශනීය ආකාරයෙන් ස්කයි ඩයිව් (tandem skydive) හරහා පිළිගැනීමට කටයුතු කර තිබිණි.
එහිදී නත්තල් සීයා, ඔහුගේ සුපුරුදු රතු පැහැ ඇඳුමින් සැරසී, පැරෂුටයක ආධාරයෙන් පහළ පිහිටි නිවාඩු නිකේතනයට ගොඩබසින විට එම අවස්ථාව නැරඹීම සඳහා සංචාරකයන් රැසක් වෙරළ තීරයට එක්ව සිටිනු දක්නට ලැබිණි.
ස්කයි ඩයිව් ශ්රී ලංකා සමඟ සහයෝගයෙන් සිදුකෙරෙන මෙම උත්සවය නිවාඩු දින ප්රීතිය සමඟ ත්රාසජනක ක්රියාකාරකම් මුසු කරන, නිවාඩු සමය තුළ සංචාරකයන් වෙනුවෙන් සතුට සහ විනෝදය ගෙන ඒම අරමුණු කර ගෙන සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart