
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 පැරිස් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කම දිනූ ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බළකායේ බලළත් නිලධාරි II සමිත දුලාන්ට ශ්‍රී ලංකා යුධ හමුදා පොලිසිය විසින් පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපහාර පුද කර තිබේ.
ශ්‍රී ලංකා යුධ හමුදා පොලිසියේ සේනාවිධායක කර්නල්, මේජර් ජෙනරාල් නජීව එදිරිසිංහ, රෙජිමේන්තු නිලධාරීන් සහ සෙසු නිලයන් විසින් රිදී පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු, ඔහුගේ බිරිඳ සහ ඔහුගේ ක්‍රීඩා පුහුණුකරු එහිදී උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
මෙම උත්සවයේදී දුලාන් රැස්වීම වෙත කැඳවාගෙන ගියේ සම්ප්‍රදායික සංස්කෘතික නැටුම් කණ්ඩායමක් පෙරටුකර ගනිමිනි.
ඔහුගේ පෙර ක්‍රීඩා ජයග්‍රහණ ඇතුළත් වාර්තාමය වීඩියෝවක් ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.
සමිත දුලාන්ගේ සුවිශේෂී දස්කම් අගයමින් සේනාවිධායක කර්නල් විසින් ශ්‍රී ලංකා යුධ හමුදා පොලිසිය වෙනුවෙන් විශේෂ ඇගයීම් සංකේතයක් ඔහුට පිරිනමන ලදී.
ඔහු නව ජයග්‍රහණය ලබා මව්බිමට පැමිණි පළමු දිනයේදීම යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ද ඔහුට සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.
ඔහුගේ අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය පිළිබඳ යුධ හමුදාපතිවරයා ඔහුට ප්‍රශංසා කළ අතර, ඔහුගේ ජයග්‍රහණ අගයමින් විශේෂ සමරු සංකේතයක් සහ මුල්‍යමය පරිත්‍යාගයක් ද පිරිනමමින් ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම් එක්කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart