
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව විසින්ම තීරණය කළ යුතු බවත් එම අවස්ථාව කිසිවෙකුටත් අතපසු කළ නොහැකි බවත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළකර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (26) පැවැති ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 අන්තර්ජාතික රොටරි සමාජයේ 2023/24 වාර්ෂික සමුළුවට එක්වෙමිනි.
අප්‍රේල් 26 සහ 27 දෙදින පුරා කොළඹ දී මෙම වාර්ෂික සමුළුව පැවැත්වේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය.
“අපි මෙතැන් සිට ගමන් කරන්නේ කොතැනටද? අපි ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. අප එලෙස ස්ථාවර කර ඇති ආර්ථිකය ආනයනය මත යැපෙන ආර්ථිකයක්. මේ ආනයන මත යැපෙන ආර්ථිකය සමඟ අපි ඉදිරියට යනවාද? එවිට පසුගිය කාලය පුරාවට මා විසින් සිදු කළ සියලු දේ නිෂ්ඵල වෙනවා. ඒ තවත් වසර 10 කින් හෝ වසර 15 කින් නැවතත් මෙවැනි අර්බුදයකට මුහුණදීමට සිදුවෙන නිසයි. ඉතින් මේ තීරණය ඔබ සියලුදෙනාම ගත යුතුයි. කිසිවකුට එය අතපසු කළ නොහැකියි.
මෙය තමයි අද රට විසින් ගත යුතු තීන්දුව. විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යනවාද නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද කියන ප්‍රශ්නය නෙවෙයි. ඒවා දෙවනුව විසඳාලිය යුතු ප්‍රශ්න. මම සඳහන් කළ ආකාරයට ජනතාවට ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය කුමක්ද? අපි එය වෙනස් කළ යුතුද නැද්ද? මම හිතන්නේ අපි එය වෙනස් කළ යුතුයි. නමුත් අපේ අනාගතය කුමක්ද? ඒ වෙනුවෙන් තීරණ ගන්න අපි සූදානම්ද?
අපට අවශ්‍ය වන්නේ අපනයනය ඉලක්ක කරගත්, ඉහළ තරගකාරී ආර්ථිකයක් නම්, අප එය සාක්ෂාත් කර ගන්නේ කෙසේද? අපිට අවශ්‍ය වන්නේ ඉහළ තරගකාරී ආර්ථිකයක් කියලා හැමෝම ප්‍රකාශ කරනවා. ඔබට තරගකාරී වීමට අවශ්‍ය නම්, ඔබ තරගයට මුහුණ දිය යුතුයි. තරඟයට මුහුණ නොදී තරඟකාරී විය නොහැකියි. මට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව පිළිබඳ ලොකු විශ්වාසයක් තිබෙනවා. අපිට එය නිර්මාණය කරගත හැකියි. අපට තිබෙන්නේ දුෂ්කර කාල පරිච්ඡේදයන් සහිත කෙටි කාලයක්. නමුත් අපට එය ජයගත හැකි බව මම විශ්වාසයෙන් යුතුව සඳහන් කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart