
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගය ප්රමුඛ කරගෙන ජාතික මැතිවරණ ඉලක්ක කර ගනිමින් නිර්මාණය කිරීමට යන දේශපාලන සන්ධානයේ නියෝජ්‍ය නායකත්වය තමන්ට ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඉල්ලා ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකතවය යටතේ එම ධුරය ලබාදෙන ලෙස ද ඉල්ලා තිබේ.
කෙසේවෙතත් මන්ත්‍රීවරයාගේ ඉල්ලීමට සමගි ජන බලවේගයේ බහුතරය විරෝධය පළකර ඇති අතර, ඩලස් අලහප්පෙරුමට නොව එය සජබ ජ්‍යෙෂ්ඨයන් වන ලක්ෂ්මන් කිරිඇල්ලට හෝ රංජිත් මද්දුම බණ්ඩාර වැනි අයට හිමිවිය යුතුයැයි ඔවුන් පවසා ඇත.
මෙම නව සන්ධානය සැකැසීම සම්බන්ධයෙන් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී අදාළ ඉල්ලීම ඩලස් අලහප්පෙරුම විසින් සිදුකර තිබේ.
එහෙත් ඊට යහපත් ප්‍රතිචාරයක් ඒ මොහොතේ ලැබී නොමැති අතර, එම ඉල්ලීම සම්බන්ධයෙන් සජබ මතය වී ඇත්තේ එවැනි තනතුරක් ඩලස් අලහප්පෙරුමට ලබාදීම නොකළ යුතු බවය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart