
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම දිනවල දුම්රිය මාර්ගවල කිසියම් පිරිසක් ඇණ ගැලවීමේ සිදුවීම් වාර්තාවන බවත් , එලස සිදු කරනු ලබන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් 300ට අධික පිරිසක් යොදවා ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කාර්යාලයපවසයි.
ඒ අනුව කැලණිවැලි දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ පසුගිය කාලයේ දී දුම්රිය පීලි පැණීමට ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් දුම්රිය මාර්ගයේ පීලි සහ සිල්පර කොටන්වලට සම්බන්ධ කර ඇති ඇණ ගලවාගෙන යෑම බවට අනාවරණය වී ඇති බව පැවැසේ.
මෙම තත්ත්වය නිසා මගී ජීවිත විශාල අවධානමකට පත් වන බවත්, මෙලස දුම්රිය මාර්ගවල ඇණ ගලවනු ලබන පුද්ගලයන් දුටුවහොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ සම්බන්ධව දැනුම්දෙන ලෙස දුම්රිය බලධාරීන් ජනතාවට දැනුම්දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart