
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෘෂිකාර්මික අංශය පදනම් කර ගනිමින් කොතෙකුත් සටන් පාඨ නිර්මාණය වී තිබුණ ද මෙතෙක් එහි සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට රට අපොහොසත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ දූපතක් ලෙස පිහිටා ඇති ශ්‍රී ලංකාවට ලුණු පවා ආනයනය කිරීමට සිදුව ඇති බවයි.
එලෙස ලුණු ආනයනය කරන්නේ රට තුළ ලුණු මෙට්‍රික් ටොන් 245,000 ක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව මෙන්ම ඒ සඳහා රජයේ ආයතන මෙන්ම පුද්ගලික ආයතන ද පවතින පසුබිමක් තුළ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
මෙරට තුළ ලුණු නිෂ්පාදනය කිරීමේදී කිලෝවකට වැයවන පිරිවැය රුපියල් 35 ත් 40 ත් අතර වන නමුත් ඉන්දියාවෙන් ආනයනය කිරීමේදී රුපියල් 40 ක බද්දක් සමග කිලෝවක පිරිවැය රුපියල් 70 ක් පමණ වන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
රට තුළ ඉඩම්, පළපුරුද්ද සහිත සේවකයින් මෙන්ම අනෙකුත් සම්පත් තිබියදී අමතර වියදමක් දරමින් ලුණු ආනයනය කිරීම ගැටලුවක් නොවන්නේ දැයි මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart