
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්යක්ෂ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයි මහතා රෝහල්ගතව සිටියද තවමත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව ඔහුගේ බිරිඳ වන මනෝරි සලෙයි මහත්මිය ප්‍රකාශ කළාය.
රෝහල වෙත ගොස් ඔහුව බලා පිටතට පැමිණෙන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිඥවරුන් කටයුතු කරමින් සිටින බවයි.
“ඔහු කෑම කන්නේ නැහැ. මේ වෙනකොට ඔහුට සේලයින් ලබා දෙමිනුයි තියෙන්නේ,” යැයි ඇය පැවසුවාය.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා සුරේෂ් සලෙයි මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව පසුගිය පෙබරවාරි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ සලෙයි මහතා දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටියි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන අවස්ථාවේදී තමන්ට අමානුෂික ලෙස සැලකූ බවට චෝදනා කරමින් ඔහු උපවාසයක් ආරම්භ කර ඇති බවට මීට පෙර වාර්තා පළ විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොලිසිය එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, රැඳවුම් භාරයේ සිටින කාලය තුළ සැකකරුට කිසිදු ආකාරයක පහරදීමක් හෝ කුරිරු සැලකීමක් සිදු කර නොමැති බව අවධාරණය කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart