July 19, 2023

ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරියක් වන සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇත.

සක්විති හවුසින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගම හරහා ලබාගන්නා ලද රුපියල් මිලියන 1,628ක් වටිනා තැන්පත්කරුවන්ගේ අරමුදල් සැලැස්මකට අනුව ආපසු ගෙවීමට කොළඹ මහාධිකරණය හමුවේ ඔහු එකඟවී ඇත.

ඒ අනුව මාස 20ක් ඇතුළත රුපියල් මිලියන 1,628න් සියයට 60%ක ප්‍රමාණයක් මෙලෙස ආපසු ගෙවීමට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ කුමාරි අනුරාධනී එකඟතාව පළකර තිබේ.

අදාළ මුදල මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික 20කින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟවී ඇත.

2006 වසරේ ජනවාරි මස 01වැනිදා සහ 2008 වසරේ සැප්තැම්බර් මස 03වැනිදා අතර කාලසීමාව තුළ, නුගේගොඩ ප්‍රදේශයේ සක්විති කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස්, එහි තැන්පතු වශයෙන් ඉදිරිපත් ලබාගෙන තිබූ රුපියල් 164,185,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ තිබිණි.