
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට වන අලි ගහණය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගෙන් ඉල්ලා තිබේ.
විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේ මෙරට තුළ දිනෙන් දින වර්ධනය වන අලි මිනිස් ගැටුම මිනිස් ජීවිතවලට මෙන්ම ජෛව විවිධත්වයට ද තර්ජනයක් බවයි.
මීට අදාළව වේල්සයේ කුමරු වෙත යොමුකරන ලිපියක් විපක්ෂ නායකවරයා විසින් කොළඹදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් හමුවී භාරදී ඇත.
මෙම ලිපිය මගින් ඔහු පෙන්වා දී ඇත්තේ, ආසියානු අලි ගහණයන්ගෙන් වැඩි ප්‍රමාණයකට ශ්‍රී ලංකාව හිමිකම් කියන කියන බව සහ එම සම්පත රැකගැනීමට අවශ්‍ය අන්තර්ජාතික සහයෝගීතා ඉල්ලා සිටින බවයි.
අලි මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව අලි ඇතුන් 400 කට අධික සංඛ්‍යාවක් සහ මිනිස් ජීවිත 150 කට අධික සංඛ්‍යාවක් අහිමි වන බව සජිත් ප්‍රේමදාස එම ලිපියේ පෙන්වා දී තිබේ.
ඊට පිළියමක් ලෙස දේශීය ප්‍රජාවන්, ප්‍රවීණයන් සහ අන්තර්ජාතික හවුල්කරුවන් සම්බන්ධ කර ගනිමින් දිගු කාලීන, විද්‍යාව පදනම් කරගත් උපාය මාර්ගයක් වන ජාතික අලි සංරක්ෂණ සහ සහජීවන වැඩසටහනක් ආරම්භ කිරීමට ඔහු යෝජනා කරයි.
“ශ්‍රී ලංකාවේ අලි ඇතුන් අපගේ ජාතික උරුමය පමණක් නොවේ – ඔවුන් ගෝලීය ජෛව විවිධත්වයේ නිධානයකි,” යනුවෙන් සජිත් ප්‍රේමදාස පවසයි.
රාජකීය කුමාරයාගේ නායකත්වය සහ සංරක්ෂණ ජාලය සමඟ, ශ්‍රී ලංකාවට වන සතුන්ගේ ආරක්ෂාවට සහ ජනතාව සඳහා තිරසාර අනාගතයක් ගොඩනගාගත හැකි බව ද ඔහු පවසයි.
මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මෙම ලිපිය සාදරයෙන් පිළිගෙන ඇති අතර, එය කාලෝචිත සහ අත්‍යවශ්‍ය බව පෙන්වාදෙමින්, ගෝලීය ජෛව විවිධත්ව ආරක්ෂණය සඳහා එක්සත් රාජධානියේ අඛණ්ඩ සහයෝගය ද තහවුරු කර ඇත.
එම ලිපිය කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය හරහා විලියම් කුමරුගේ කාර්යාලයට යොමුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart