
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගිතා මණ්ඩලයේ නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී හමුව තිබේ.
මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් ද එම අවස්ථාවට සහභාගී වී ඇත.
එහිදී විපක්ෂ නායකවරයා මෙරට ආර්ථිකය තුළ එක්සත් ජනපදයේ තීරනාත්මක භූමිකාව පෙන්වා දී ඇති අතර, රටේ සමස්ත අපනයනයෙන් සියයට 24 කට ආසන්න ප්‍රමාණයක් එක්සත් ජනපදයට සිදුකෙරෙන බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයෙන් සියයට 63 ක් පමණ එක්සත් ජනපදයට නැව්ගත කරන බවත්, එමගින් සෘජු රැකියා 400,000 උත්පාදනය කරන බවත් මිලියනයකට වැඩි පිරිසකගේ ජීවනෝපාය පවත්වා ගෙන යන බවත් ඔහු පවසා තිබේ.
ඇමරිකානු වෙළෙඳපොළට අඛණ්ඩව ප්‍රවේශ වීම මත, මෙරට කර්මාන්ත සහ සැපයුම් දාමයන් ගැඹුරින් රඳාපවතින බව ද විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කර ඇත.
සියයට 44 සිට සියයට 30 දක්වා සහ සියයට 30 සිට සියයට 20 දක්වා තීරු බදු අඩු කිරීම වැනි මෑත කාලීන තීරුබදු කප්පාදුව පිළිගන්නා අතර, ශ්‍රී ලංකාවේ පවතින මූල්‍ය අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් තීරුබදු සහන අත්‍යවශ්‍ය බව ද විපක්ෂ නායකවරයා එහිදී අමෙරිකානු නියෝජිත පිරිසට පැහැදිළි කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart