
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාල ජාතික වනෝද්‍යානයේ බුතව ජලාශය අසල කලාප 01 හි උගුලකට හසුවීමෙන් කකුලට තුවාල සිදුවී ඇති අලි පැටවකු සොයාගෙන ඇති බව උද්‍යාන පාලකවරයා පවසයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, වනජීවී පශු වෛද්‍යවරුන් ඊයේ අලි පැටවාට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බවයි.
කකුලක් දරුණු ලෙස තුවාල ලැබූ අලි පැටවාට සන්සුන් වීමට අවශ්‍ය ඖෂධ ලබා දී ඇති අතර, පසුව අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇත.
වනජීවී පශු වෛද්‍ය කේ. ධම්මි සහ ලුණුගම්වෙහෙර සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් මෙම මෙහෙයුමට සහභාගී වී තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ, උගුල්වලට හසු වූ වන සතුන් දැඩි වේදනාවෙන් පෙළෙන බවත් බොහෝ විට උගුලට හසු වූ වහාම නිලධාරීන්ගේ අවධානයට ලක්නොවන බවත්ය.
එබැවින්, එවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ ඕනෑම තොරතුරක් වනජීවී දෙපාර්තමේන්තුවේ හදිසි දුරකථන අංකය වන 1992 වෙත වාර්තා කරන ලෙසත්, වගකිවයුත්තන්ට නීතිය හමුවට පැමිණවීමට උපකාර කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart