
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මගින් මෙම වසරේ මුල් මාස අට තුළදී පමණක් ඇස් දන්දීම 5,117ක් වාර්තා කර තිබේ.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති සම්පත් ද සිල්වා අනාවරණය කළේ, දේශීය රෝගීන් 1,144 දෙනෙකුට සහ විදේශීය රෝගීන් 3,973 දෙනෙකුට කර්ණිකා බද්ධකිරීම් සිදුකර ඇති බවයි.
ඒ අනුව මේ දක්වා මෙරටදී විදේශීය රෝගීන් සඳහා කර්ණිකා 98,295 ක් සහ දේශීය රෝගීන් සඳහා 58,635ක් පරිත්‍යාග කර ඇති බව ද ඔහු පවසයි.
මීට අමතරව, පටක බැංකුව විසින් 2025 පළමු මාස අට තුළ බද්ධකිරීමේ සැත්කම් සඳහා පටක 592 ක් ලබා දී ඇති අතර, එමඟින් ලබා දී ඇති මුළු පටක සංඛ්‍යාව 18,326 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් මෙම වසරේ මේ දක්වා නියමිත නොමිලේ ඇසේ සුද ඉවත්කිරීමේ සැත්කම් 1,200 න් 900 ක් සම්පූර්ණ කර ඇති අතර, ඇස් කණ්ණාඩි යුගල 14,000 ක් නොමිලේ බෙදාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart